ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර මුස්ලිම් දේවස්ථානයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇත. පසුගිය බදාදා පස්වරුවේ මෙම පිපිරීම සිදුව ඇත්තේ දැඩි ආරක්ෂාවක් සහිත අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අසල පිහිටි මුස්ලිම් පල්ලියකයි. අමාත්‍යාංශ සේවකයන් සහ අමුත්තන් එම අවස්ථාවේ ඇතුළත යාඥා කරමින් සිටි බව වාර්තා වී ඇත.
බෝම්බ ප්‍රහාරයට හේතුව පැහැදිලි නැති අතර කිසිවකු වගකීම භාරගෙන නොමැත. ඇෆ්ගනිස්ථානය පාලනය කරන තලේබාන් සංවිධානය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර මීට පෙරද කාබුල් නගරයට බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වී ඇත.
පසුගිය මාසයේ රුසියානු තානාපති කාර්යාලයට පිටතින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයේ දෙදෙනකු ඇතුළු 6 දෙනෙක් මිය ගොස් ඇති අතර ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉස්ලාම් රාජ්‍ය සටන්කාමී කණ්ඩායමට බවයි ආරංචි මාර්ග පවසා සිටින්නේ.