ටෝකියෝවේ වයඹ දෙසින් පිහිටි ගුන්මා ප්‍රාන්තයේ වනජීවී උද්‍යානයක කැපිබරා කුඩා දරුවන් දෙදෙනෙකු සපා කෑමෙන් එක් අයෙකුට බරපතළ තුවාල සිදුවී ඇත.
ගුන්මා සෆාරි උද්‍යානයේ නිලධාරීන් පවසන්නේ සැප්තැම්බර් 25 වන දින එක් හැවිරිදි පිරිමි ළමයෙකු වැටුනු අතර ඔහුගේ පිට කැපිබරා සපාකා ඇති බවයි.
පිරිමි දරුවා සෙල්ලම් කරමින් සිටියේ අමුත්තන්ට කැපිබරා සමඟ සෘජුව සම්බන්ධ විය හැකි කොටසකය. එම සිද්ධියෙන් දින දෙකකට පසු පිරිමි ළමයා සපා කෑ ගැහැණු කැපිබරා වයස අවුරුදු හයක දැරියකගේ හිස සහ බෙල්ල සපාකා ඇති බව නිලධාරීන් පවසා ඇත.
දැරියගේ බෙල්ලේ පිටුපසට මැහුම් නවයක් දමා ඇති බව වාර්තා වේ. තුවාල සුව වීමට සති දෙකක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ. පළමු සිදුවීමෙන් පසු, උද්‍යානය දරුවන්ට කැපිබරා ගැන අනතුරු ඇඟවීමේ පුවරුවක් සහ කැපිබරා කොටසේ නිරන්තර සෝදිසියට පාලකයන් යොදවා ඇත.