ඉශිකාවා මිසාටො නාගරික බල ප්‍රදේශයේ ප්‍රාථමික අංශ ගුරුවරයකු ඔහුගේ පාසලේ 3 සහ 4 ශ්‍රේණිවල සිසු දරුවන් විසි නව දෙනෙකුගේ පෞද්ගලික විස්තර සියල්ල Twitter හරහා ජාවාරම්කරුවෙකු ට විකිණීමට තැත් කරන ලද සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලදී.
ඔහු විසින් පසුගියදා සිය පෞද්ගලික ට්විටර් ගිණුමේ පළ කර තිබුණේ තමන් විශාල ආර්ථික අර්බුදයක සිටින බවයි. පෞද්ගලික ණය ලබා දෙන ආයතනයක ට්විටර් ගිණුමක් බවට හැඟුවූ ව්‍යාජ ගිණුමකින් ඔහුට ප්‍රතිචාර දක්වා තිබුණේ සිසු දරුවන්ගේ පෞද්ගලික තොරතුරු මිලදී ගෙන ඔහුට උදව් කළ හැකි බවයි. ඒ අනුව ඔහු විසින් සිසු දරුවන්ගේ ලිපින, දුරකතන අංක සහ භාරකරුවන්ගේ සියලු තොරතුරු ඇතුළත් ලැයිස්තුවක් පාසලෙන් සොරකම් කරගෙන එය ඡායාරූප ගත කර අදාළ පුද්ගලයා වෙත ලවා තිබියදී එය දුටු නාගරික සේවකයකු මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබේ. උසාවියේදී වරද පිළි ගත් සැකකරු පවසා තිබුනේ ආර්ථික අපහසුතා නිසා මෙය කිරිමට ඔහු පෙළඹුන බවත් මාපියන්ගෙන් සහ ශිෂ්‍යන්ගෙන් මෙම සිද්ධියට සම්බන්ධව සමාව අයද සිටින බවත්ය. දරුවන්ගේ තොරතුරු වැරදි වැරදි දෙයකට යොදාගෙන ඇත්දැයි ආරක්ෂක අංශ පරීක්ෂණ තවමත් පර්යේෂණ කරගෙන යනු ලබයි.