උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පුටින්ට උපන්දින පණිවිඩයක් යවයි.


උතුරු කොරියානු ජනාධිපති රුසියානු ජනාධිපතිට උපන්දින සුභ පැතුමක් යවයි

.

සිකුරාදාට යෙදෙන රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ 70 වැනි උපන්දිනයට සුබ පැතුම් එක් කරමින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පණිවිඩයක් යවා ඇති බව උතුරු කොරියානු මාධ්‍ය පවසා ඇත. 

 

Rodong Sinmun පුවත්පත වාර්තා කර සිටියේ රුසියාව රාජ්‍යයේ අභිමානය සහ එහි මූලික අවශ්‍යතා එක්සත් ජනපදයේ සහ එහි යටත් හමුදා විසින් එල්ල කරන අභියෝග හා තර්ජන වලින් විශ්වාසදායක ලෙස ආරක්ෂා කරයි යනුවෙන් ලිපියේ සඳහන් වී ඇති බවයි. 

 

උතුරු කොරියාව සහ රුසියාව අතර සහයෝගීතාව ජාත්‍යන්තර සාධාරණත්වය සාක්ෂාත් කර ගැනීමේ අරගලයේදී පෙර නොවූ විරූ ලෙස ශක්තිමත් වී ඇති බව කිම් පවසා ඇත. දෙරට අතර මිත්‍රශීලී සබඳතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඔවුන්ගේ පෞද්ගලික සබඳතා විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

83 Views

Comments