Yamanashi ප්‍රාන්තයේ Ichikawamisato නගරයේ මූලික පාසලක 3 හා 4 ශ්‍රේණිවල දරුවන්ගේ පෞද්ගලික තොරතුරු මාර්ගගත ක්‍රමය ඔස්සේ වෙනත් පාර්ශවයකට විකිණීමට තැත් කළ විසි හැවිරිදි පිරිමි ගුරුවරයෙකු අදාල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ගුරුවරයා විසින් දරුවන්ගේ නම , ලිපිනය ,දුරකථන අංකය සහ වෙනත් පෞද්ගලික තොරතුරුද ට්විටර් ගිණුමක් හරහා සන්නිවේදනය කරගෙන තිබිණි. ඔහුට තිබූ මුදල් අවශ්‍යතාවයක් මත මෙසේ සිදුකළ බව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය විය.
අදාල පරීක්ෂණවලින් පසුව ජනවාරි තිස් එක් වන දා සිට එම ගුරුවරයාගේ වැඩ තහනම් කර ඇති අතර ට්විටර් හරහා ඔහුගෙන් මෙම දත්ත ලබා ගැනීමට උත්සහ කළ අයවලුන් පිළිබඳව තවමත් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.