පෙබරවාරි මස රුසියාවේ ආක්‍රමණයෙන් පසු තම මව් රටින් ජපානයට ගිය යුක්රේන දැරියක් ටෝකියෝ නුවර සිසුන් සමඟ සාමය සහ සංස්කෘතිය ගැන කතා කර ඇත.
Ivashikova Zlata අප්‍රේල් මාසයේදී නැගෙනහිර යුක්රේන නගරයක් වන Dnipro හි තම දෙමාපියන් හැර ගිය දා සිට ජපානයේ තනිවම වාසය කරයි. 17 හැවිරිදි ඇය දැන් වෘත්තීය පාසලක චිත්‍ර කලාව හදාරමින් සිටී.
ආක්‍රමණය ඇදහිය නොහැකි දෙයක් ලෙස ඇය විස්තර කර ඇත. තවමත් යුක්රේනයේ සිටින තම පවුලේ අය සහ මිතුරන් ගැන තමන් දැඩි කනස්සල්ලෙන් පසුවන බව ඇය පවසා ඇත.