අන්තර්ජාතික සිසුන් කනස්සල්ලෙන්.


තවමත් ඉවත් කර නොමැති ජපානයට ඇතුල්වීමේ තහංචිය හේතුවෙන් උසස් අධ්‍යාපනය හදාරන ...

.

තවමත් ඉවත් කර නොමැති ජපානයට ඇතුල්වීමේ තහංචිය හේතුවෙන් උසස් අධ්‍යාපනය හදාරන්නට සැලසුම් කර සිටි විදේශීය සිසුන් ගණනාවක් වසර එකහමාරක පමණ කලක් පටන් මහත් වූ අපහසුතාවයට පත් වී තිබෙන බව සැලවේ. පසුගිය සති දෙක පුරා මේ සම්බන්ධව ජපානයට බලපෑම් එල්ල කිරීමේ නිහඬ විරෝධතා ලොව පුරා ක්‍රියාත්මක වූ අතර දැන් දැන් ඒවා Twitter ආදී සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී තිබේ.

ඇතැම් තැනක මෙය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස හඳුන්වා ඇති අතර ජපානයේ සිසුන් ද ජපාන රජයෙන් ඉල්ලා සිටින්නේ තමන් උසස් අධ්‍යාපනය කරන්නට සූදානමින් සිටින අන්තර්ජාතික ශිෂ්‍යයන් සම්බන්ධව මීට වඩා සාධනීය සහ මානුෂික තීරණයක් ලබා දෙන ලෙසයි.

321 Views

Comments