Sony Honda EV හවුල් ව්‍යාපාරයක් දියත් කරයි.


විද්‍යුත් වාහන බෙදාහැරීමට Sony හා Honda එකතු වේ

.

ජපානයේ කාර්මික දැවැන්තයින් දෙදෙනෙකු වන Sony සමූහ ව්‍යාපාරය සහ Honda Motor 2026 වන විට දියුණු විද්‍යුත් වාහන බෙදා හැරීමේ අරමුණින් හවුල් ව්‍යාපාරයක් දියත් කර ඇත. නව සමාගම Sony Honda Mobility ලෙස හැඳින්වේ. 

 

Sony Honda Mobility හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Mizuno Yasuhide පවසා සිටියේ සාම්ප්‍රදායික අදහස් පෙරළා දමා පාරිභෝගිකයන් සමඟ නව සබඳතා ගොඩනගා ගන්නා ඉහළ අගයක් එකතු කළ නිෂ්පාදන සහ සේවා පිරිනැමීමට ඔවුන් උත්සාහ කරන් බවයි. 

 

2025 සිට එහි පළමු EV මාදිලිය සඳහා ඇණවුම් භාර ගන්නා බව සමාගම ප්‍රකාශ කර ඇත. එය ඊළඟ වසරේ සිට එක්සත් ජනපදයේ සහ ජපානයේ පාරිභෝගිකයින් වෙත ලබා දීමට නියමිතව ඇත.

 

76 Views

Comments