යුක්රේනයේ රාජ්‍ය බල ශක්ති සමාගම පවසා සිටින්නේ බලශක්ති සම්බන්ධ පහසුකම්වලට රුසියානු ප්‍රහාර එල්ල කිරීම නිසා රට තුළ විදුලි සැපයුම අඩාල වන බවයි. රාත්‍රියේ විදුලිය ඉතිරි කරන ලෙස අදාල සමාගම රට පුරා සිටින ජනතාවගෙන් ඉල්ලා සිටී.
රුසියානු හමුදා ප්‍රධාන යටිතල පහසුකම් සහ නේවාසික ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරන බව පවසමින් යුක්රේන හමුදාව රුසියාව විවේචනය කර ඇත. රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ යුක්රේනයේ මිලිටරි සහ බලශක්ති සම්බන්ධ පහසුකම්වලට ප්‍රහාර එල්ල කර එහි සියලු ඉලක්ක විනාශ කර ඇති බවයි.