යුක්රේනයේ භාවිතා කිරීමට මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා ඇතුළු ආයුධ රුසියාවට ලබා දී නොමැති බව ඉරානය යළිත් අවධාරණය කර ඇත. ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක නසාර් කනානි සඳුදා පවසා සිටියේ ඉරානය රුසියාවට හෝ යුක්රේනයට පක්ෂ නොවන බව නැවත නැවතත් ප්‍රකාශ කර ඇති බවයි. ඉරානය කිසිදු පාර්ශ්වයකට ආයුධ ලබා දී නොමැති බව ඔහු පවසා ඇත.
යුද්ධයේදී එක් පැත්තකට ආයුධ යවන බවට රටක් අනෙක් පැත්තට ඩොලර් බිලියන ගණන් ආයුධ සහ උපකරණ ලබා දෙන රටවල් විසින් චෝදනා කිරීම දේශපාලන අකටයුත්තක් ලෙස කනානි හදුන්වා ඇති අතර බටහිර රටවල් යුක්රේනයේ සාමයට සහ දේශපාලන විසඳුමකට සහාය දෙන්නේ නම් ඔවුන්ගේ විශාල ආයුධ තොග සමඟ කිරීමට උත්සාහ කරන්නේ කුමක්දැයි ඔහු එහිදී විමසා ඇත.