Setsubun soybean ආහාරයට ගැනීම සම්බන්ධව  මව්පියන්ට අනතුරු  ඇඟ වේSetsubun soybean ආහාරයට ගැනීම සම්බන්ධව  මව්පියන්ට අනතුරු 


පෙබරවාරි තුන් වෙනිදාට යෙදෙන Setsubun සැණකෙළියේ දී  දරුවන්ට soy bean ලබා දීම සම්බන්ධව සැලකිලිමත් වන

.

පෙබරවාරි තුන් වෙනිදාට යෙදෙන Setsubun සැණකෙළියේ දී  දරුවන්ට soy bean ලබා දීම සම්බන්ධව සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටී. 

 

මෙම සැණකෙළියේ දී  soybeans සම්බන්ධ කර ගනිමින් සිදු කරන චාරිත්‍ර පවතින අතර  මේ චාරිත්‍ර අවසානයේ එකිනෙකා විසින්  අනාගත යහපත හා වාසනාව පතා soybeans ආහාරයට ගැනීම සිදු කරයි .   විශේෂයෙන්ම මාස නමය සහ  අවුරුදු 4  අතර දරුවන් මේවා ආහාරයට ගැනීමේදී උගුරේ සිර කරගෙන  අනතුරුව වීමට ඉඩ ඇති බැවින්  දරුවන් පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස  සෞඛ්‍ය නිලධාරීන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී. 

 

2020 වර්ෂයේ අවාසනාවන්ත ලෙස  අවුරුදු හතරක් වියැති දරුවෙකු  මේ හේතුවෙන් මරණයට පත්වූ හෙයින්  දෙමව්පියන්ට මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.

 

283 Views

Comments