ජපානය උතුරු කොරියාවට එරෙහි සම්බාධක ලැයිස්තුවට සංවිධාන 5ක් එක් කරයි.


තවත් උතුරු කොරියානු සමාගම් පහකට සම්බාධක පැනවෙයි

.

උතුරු කොරියාව  විසින් මේ වසරේ පෙර නොවූ විරූ ලෙස නිතර නිතර මිසයිල දියත් කිරීමත් සමඟ තවත් උතුරු කොරියානු සංවිධාන පහක් සම්බාධක ලැයිස්තුවට ඇතුළත්  කිරීමට ජපාන රජය තීරණය කර ඇත. 

 

බැලස්ටික් මිසයිලයක් 2017 වසරෙන් පසු ප්‍රථම වරට ඔක්තෝබර් 4 වැනිදා ජපානයට ඉහළින් පියාසර කර ඇත. මේ සියල්ල සැලකිල්ලට ගනිමින් අඟහරුවාදා පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. 

 

මෙම සංවිධාන පහ Pyongyang හි න්‍යෂ්ටික සහ මිසයිල සංවර්ධනයට සම්බන්ධ වේ. ඒවාට උතුරු කොරියාවේ රොකට් කර්මාන්ත අමාත්‍යාංශය සහ අදාළ වෙළඳ සමාගම්ද ඇතුළත් වේ.

59 Views

Comments