මාස 7ක දරුවෙකු අපයෝජනය කළ යුවලක් අත්අඩංගුවට.


කුඩා බිලිඳකු අපයෝජනය කල යුවලක් අත්අඩංගුවට ගැනේ

.

ඉබරාකි ප්‍රාන්තයේ මිටෝ හි පොලිසිය විසින් 33 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 39 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇත. ඒ මාස හතක් වයසැති තම දරුවා අපයෝජනය කළ බවට සැකපිට ය. 

 

පොලිසිය පවසා සිටියේ නොරිකෝ නෙමොටෝ සහ ඇගේ පෙම්වතා වන ඉබරාකි ප්‍රාන්තයේ කෂිවා හි සමාගම් සේවකයෙකු වන සෙන්ඩෝ ඉෂිගාමි බ්‍රහස්පතින්දා අත්අඩංගුවට ගත් බව වාර්තා වී ඇත. 

 

පොලිසිය පවසා සිටියේ සැප්තැම්බර් 3 වැනි දින පෙරවරු 10 ට පමණ නෙමෝටෝගේ මහල් නිවාසයේදී මෙම අපයෝජනය සිදුවී ඇති බවයි. දරුවාගේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ සේවකයකු මුහුණේ තැලීම් දැක සුබසාධන නිලධාරීන්ට දන්වා ඇත.

82 Views

Comments