ජපන් පර්යේෂකයන් මුහුද යට තබා බියර් අත්හදා බලයි.


ජපාන පර්යේෂකයන් පිරිසක් මුහුද යට තබා බියර් නිෂ්පාදනය කිරීම පිළිබඳව අත්හදා බලයි

.

ජපානයේ පර්යේෂකයන් පිරිසක් මුහුද යට බියර් නිෂ්පාදනය කිරීමට නව ප්‍රවේශයක් ගෙන ඇත. මාස තුනහමාරක් මීටර් 3ක් 4ක් ගැඹුරේ බෝතල් දෙසීයක් තබා මෙම අත්හදා බැලීම සිදුකර ඇත. 

 

මෙම අත්හදා බැලීම මධ්‍යම ජපානයේ Shizuoka ප්‍රාන්තයෙන් ඔබ්බට සිදු කර ඇති අතර දේශීය විශේෂත්වයක් නිෂ්පාදනය කිරීම මෙහි අරමුණ වේ. පර්යේෂකයන් පවසා සිටින්නේ බියර් වල වැඩි බුබුලු සහ ශක්තිමත් සුවඳක් තිබූ බවයි. 

 

කණ්ඩායම දේශීය බීර කර්මාන්ත ශාලාවක් සමඟ සහයෝගයෙන් පර්යේෂණ සිදු කරන අතර සිදු වන වෙනස්කම් විශ්ලේෂණය කිරීමට සහ විවිධ ගැඹුර සහ කාලසීමාවන් උත්සාහ කිරීමට එය සැලසුම් කර ඇත.

74 Views

Comments