සුළි කුණාටුවක් වැනි සුළඟක් මධ්‍යම ජපානයේ කනසාවා හි ගොඩනැගිලිවලට හානි කරයි.


ප්‍රබල සුළඟක් කනසාවා ගොඩනැගිලි වලට හානි කරයි

.

ඉරිදා පස්වරුවේ ජපන් මුහුදු වෙරළේ කනසාවා නගරයේ ගොඩනැගිලි කිහිපයකට ටොනේඩෝ වැනි සුළඟකින් හානි සිදු කර ඇත. කාලගුණ විද්‍යා ඒජන්සිය පවසා සිටින්නේ ශීත කාලගුණයක් හේතුවෙන් වායුගෝලීය තත්ත්වය අස්ථාවර වූ විට ඇතිවිය හැකි සැඩ සුළඟක් සුළි කුණාටුවක්  වූ බවයි. 

 

කෞතුකාගාරයක දොරටුවේ වීදුරු වහලය කැඩී ගොස් ඇති අතර එහි කළමණාකරු පවසා සිටියේ ඔහුට විශාල ශබ්දයක් ඇසුණු බවත් සුදු මීදුම වැනි දෙයක් අවට කැරකෙන බවත් දුටු බවයි. නරඹන්නන් කිසිවකුට තුවාල සිදු නොවීම නිසා තමාට සහනයක් දැනෙන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත. 

 

අසල ගොඩනැගිල්ලක වහලය ගසාගෙන ගොස් ඇති අතර විදුලි රැහැන් වලට හානි සිදු වී ඇත. එය දුටු පුද්ගලයෙක් පවසා සිටියේ දූවිලි හා ගොඩනැගිලි ද්‍රව්‍යවල කැරකෙන සර්පිලාකාර ගොරවන ශබ්දයක් නැඟුණු බවත් එයින් භයානක බවක් දැනුණු බවත්ය.

75 Views

Comments