covid රෝගීන්ගේ ලක්ෂණ දරුණු වෙයි


ටෝකියෝ නුවර වෛද්‍යවරයෙකු එරට නිවාස තුළ සිටිනා කොරෝනා ආසාදිත පුද්ගලයන් ට තමන්ගෙ රෝග ලක්ෂණ ක්‍රමයෙන්

.

ටෝකියෝ නුවර වෛද්‍යවරයෙකු එරට නිවාස තුළ සිටිනා කොරෝනා ආසාදිත පුද්ගලයන් ට තමන්ගෙ රෝග ලක්ෂණ ක්‍රමයෙන් වැඩි වන්නේ දැයි සැලකිලිමත් වන ලෙසට ඉල්ලා තිබේ. මෙයට හේතු වී ඇත්තේ නිවෙස් වෙත ගොස් රෝගීන් පරික්ෂා කරන සෞඛ්‍යය  සේවාවන් වලට පසුගිය දිනවල දී වැඩි ඉල්ලුමක් පැවතීමයි .

 

ජපන් සෞඛ්‍ය  අමාත්‍යාංශය මහජනතාවට දන්වා ඇත්තේ  තමන්ගේ රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය 93 ට වඩා අඩු වෙන්නේ නම්  වහාම ළඟම ඇති රෝහල වෙත පැමිණෙන ලෙසයි. මේ සඳහා තමන්ට ස්වසන අපහසුවක් නොතිබුනද නිරන්තරයෙන් තමන්ගේ රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය පරික්ෂා කරන ලෙස රජය  තවදුරටත් මහජනතාවට නිවේදනය කර තිබේ

 

 

302 Views

Comments