ඔකායාමා පොලිසිය විසින් මහජනතාව අපහසුවට පත් කරන ලෙස හැසිරුණු 60 හැවිරිදි විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ කැමරාව අයුතු ලෙස භාවිතා කරමින් සහන සැල කදී කාන්තාවකගේ සාය කොටස පිටුපසින් වීඩියෝ ගත කර ඇත.
පොලිසියට මෙයට පෙරද සහන සලක් තුළ සැක කටයුතු ලෙස හැසිරෙන පුද්ගලයෙකුගේ තොරතුරු ලැබී තිබුණි.කෙසේ වෙතත් මෙම පුද්ගලයා මෙම අකටයුත්ත කරන මොහොතේදීම ඒ අවට නිරීක්ෂණය කරමින් සිටි පොලිස් නිලධාරියෙකුට මොහු හසුවී ඇත.
ඔකායාමා නගරයේ අධ්‍යාපන සුපරීක්ෂක මේ පිළිබඳව මහ ජනතාවගෙන් සමාව ඉල්ලා ඇති අතර ඔහු සම්බන්ධව ඉතා තදින් කටයුතු කරන බවද දැනුම් දී ඇත. අදාළ විදුහල්පතිවරයා එම සේවයේ 2019 වර්ෂයේ සිට නිරතව ඇති බවද කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු ප්‍රකාශ කර ඇත.