ජපානයේ කොරෝනා ආසාදිතයින් ඉහළට


ජපානයේ කොරෝනා ආසාධිතයින් ප්‍රමාණය මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

.

ජපානයේ කොරෝනා ආසාධිතයින් ප්‍රමාණය මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද(31) දින පමණක් හඳුනාගත් නව කොරෝනා ආසාධිතයින් ගණන 21,860ක් වන අතර මියගිය ආසාධිතයින් ප්‍රමාණය 51ක්. එමෙන්ම අසාධ්‍ය තත්ත්වයේ පසුවන ආසාධිතයින් ගණන 129ක් ලෙසයි දැක්වෙන්නේ.

මේ අතර ටෝකියෝවෙන් නව ආසාධිතයින් 2,019 ක් වාර්තා වී ඇති අතර එය පසුගිය සතියේ එම දිනට වඩා 284 ක වැඩිවීමක්.

කෙසේ වෙතත් පසුගිය සතියේ සාමාන්‍ය නව ආසාධිතයින් සංඛ්‍යාව දැක්වුණේ 3,762 ලෙස වන අතර එය පෙර සතියට වඩා 17% ක වැඩිවීමක් වනවා.

160 Views

Comments