යෙන් වටිනාකම ඉහල දැමීමට ජපන් රජයෙන් ඩො.බි. 43ක්


1990 ගනන්වල සිට නොදුටු අවම අගයකට මේ වසරේ ඩොලරයට සාපේක්ෂව පහත වැටී ඇති යෙන් වටිනාකම ඉහල නැංවීම සඳහා ඔක්තෝබර් මාසයේදී යෙන් ට්‍රිලියන 6.35 (ඩොලර් බිලියන 43) වැය කළ බව එරට මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.

.

1990 ගනන්වල සිට මේ දක්වා පලමු වතාවට ඩොලරයට සාපේක්ෂව යෙන් අගය පහත වැටී තිබුණා.

ඒ හේතුවෙන් යෙන් අගය ඉහල නැංවීම සඳහා ඔක්තෝබර් මාසයේදී යෙන් ට්‍රිලියන 6.35 (ඩොලර් බිලියන 43) වැය කළ බව එරට මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව විදේශ විනිමය මැදිහත්වීම් මෙහෙයුම් සැප්තැම්බර් 29 සහ ඔක්තෝබර් 27 අතර සිදු කළ බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියේ.

මේ අතර Rakuten Securities හි ප්‍රධාන උපායමාර්ගික Masayuki Kubota මෑතකදී පවසා සිටියේ ජපන් සහ එක්සත් ජනපද පොලී අනුපාත අතර පරතරය වෙනස් වුවහොත්, යෙන් පහත වැටීම නතර වනු ඇති බවයි.

 

 

123 Views

Comments