බාධක බිඳ ජීවිතය ජයගත් ජපන් තරුණයා


28 හැවිරිදි Shoichi Nakajima, අධි ක්‍රියාකාරී රෝගය සහිත තරුණයෙක් වේ.

.

28 හැවිරිදි Shoichi Nakajima, අධි ක්‍රියාකාරී රෝගය සහිත තරුණයෙක්. ඔහු අන් අයට වඩා වෙනස් බව ඔහු සැමවිටම දැන සිටියා. නමුත් ඔහුගේ මෙම වෙනස ඔහුට පාසලෙන් ඉවත් වීමට හේතු වූ අතර, දැන් ඔහු එය හයියක් කරගෙන සාර්ථකව සිටිනවා.

Nakajima මේ වනවිට බටහිර ජපානයේ Kochi ප්‍රාන්තයේ ඔහු විසින් ආරම්භ කරන ලද විලාසිතා උපාංග නිෂ්පාදනය කරන කුඩා සමාගමක් පවත්වාගෙන යනවා.

ඔහුගේ මෙම සාර්ථකත්වය ගැන Kyodo News සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේ,

"පුංචි කාලේ ඉඳන්ම මම දේවල් දිහා බලන්නේ අමුතු විදිහට. මගේ වටේ ඉන්න අය හිතුවේ මම අමුතු කෙනෙක් කියලා" ලෙසයි.

කෙසේ වුවත් මේ වනවිට ඔහු අතිශය ජනප්‍රිය විලාසිතා උපාංග නිපදවන සාර්ථක ව්‍යවසායකයෙක්.

 
92 Views

Comments