දකුණු ඇස නැති කර ගත් ඔකිනාවාහි සිසුවා


‘‘පොලිසියෙන් මට පොල්ලකින් පහර දුන්නා’’ -සිසුවා පවසයි

.

මේ වසරේ ජනවාරි මාසයේ ඔකිනාවා නගරයේ 17 හැවිරිදි උසස් පාසල් සිසුවෙක්ට පොලිස් නිලධාරියෙක් පහර දීමෙන් බරපතල තුවාල සිදු විය.

පාසල් සිසුවා තම මෝටර් සයිකලයෙන් ගමන් කරමින් සිටින විට එය නැවැත්වීමට පොලිස් නිලධාරියා බැටන් පොල්ලෙන් සිසුවාට පහර දී ඇති අතර මෙම පහර දීමෙන් සිසුවාගේ දකුණු ඇසේ පෙනීම අහිමි විය.

පොලිස් නිලධාරියා අත් අඩංගුවට ගත් අතර ඔහුගේ බැටන් පොල්ලේ තිබූ ලේ සිසුවාගේ ලේ බව DNA පරීක්ශණයකින් තහවුරු විය. එමගින් පොලිස් නිලධාරියා සිසුවාට හිතාමතාම පහර දුන් බව තහවුරු විය.

මේ වන විට එම පොලිස් නිලධාරියාට නඩුවක් ගොනු කර තවදුරටත් පරීක්ශණ ක්‍රියාත්මක වෙමින් පවතී

 
131 Views

Comments