Ao සහ Himari මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ පිළිවෙලින් පිරිමි සහ ගැහැණු ළමයින් සඳහා ජපානයේ වඩාත්ම ජනප්‍රිය නම් බව වාර්තා වනවා.
ජපානයේ උපදින ළදරුවන් 297,000ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ "Ao" ලෙසින් කියවන නමුත් "Aoi" ලෙසද කියවෙන "නිල්-කොළ" යන අරුතැති කන්ජි චීන අක්ෂරය පිරිමි ළමුන්ගේ නම් සඳහා බහුලව භාවිතා කර ඇති බවයි.
එමෙන්ම ගැහැණු ළමයින් සඳහා, "හිරු" යන අර්ථය දෙන "Himari" යන නම සමීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය හිමිකර ගෙන තිබෙනවා.