සැමියා ඝාතනයට කොන්ත්‍රාත් දුන් කත වසර 10කට ඇතුලට


පසුගිය වසරේ පුද්ගලයන් තිදෙනෙකු කුලියට ගෙන සිය සැමියා ඝාතනය කිරීමට තැත්කල කාන්තාවකට වසර 10ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

.

පසුගිය වසරේ දී පුද්ගලයන් තිදෙනෙකු කුලියට ගෙන සිය සැමියා ඝාතනය කිරීමට තැත්කල කාන්තාවකට වසර 10ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඒ ටෝකියෝ දිස්ත්‍රික් අධිකරණය විසිනුයි.

සමාජ ජාල වෙබ් අඩවියකින් හමුවූ පිරිමින් තිදෙනා සමඟ එක්ව තම සැමියා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට සැකකාර කාන්තාව අධිකරණය ඉදිරියේ පාපොච්චාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ස්වාමිපුරුෂයා අධික ලෙස ණය වීමත් නිකරුණේ මුදල් වියදම් කිරීමත් හේතුවෙන් ඔහු මරා දැමීමට තීරණය කල බවද ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.  

අදාල සැකකාර කාන්තාව Miyuki Takita නම් 45 හැවිරිදි අර්ධකාලීන සේවිකාවක්.

108 Views

Comments