පාසල් වසා තිබීමේ කාලය දවස් 5කට සීමා වෙයි


මින් පෙර ජපන් රජය හා ජපන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින්  පාසලක සිසුවෙක් හෝ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ කෙනෙකු කොරෝන??

.

මින් පෙර ජපන් රජය හා ජපන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින්  පාසලක සිසුවෙක් හෝ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ කෙනෙකු කොරෝනා ආසාදිත වුවොත් දින හතක් අදාල පාසල හෝ පන්ති කාමරය වසා තැබිය යුතු බවට නිවේදනය  කර තිබිණි.

 

කෙසේ වෙතත් මේ වන විට  අධිකව පැතිර යන  ඔමික්‍රෝන්  ප්‍රභේදය හමුවේද එම තීරණය වෙනස් කරමින්  පාසල් හෝ පන්ති කාමර  වසා තිබෙන කාලය දින පහකට අඩු  කිරිමට  ඔවුන් තීරණය කර ඇත.

 

රජය සියලුම පාසල් වලට  එම පාසල් හා සම්බන්ධ වෛද්‍යවරුන්ගේ උපකාර ද ඇතිව  පාසල් හැකි ඉක්මනින් නැවත විවෘත කළ හැකි මට්ටමකට රැගෙන එන  ලෙස දැනුම් දී ඇත. දරුවන්ට අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් ලබා දීම මෙහි අරමුණ බවත් එහෙත් යම් කිසි හෙයකින්  බරපතළ තත්ත්වයක් ඇතිවුවහොත්  අදාල කාලය දිගු කිරීම  සම්බන්ධව සලකා බලන බවත් රජය තවදුරටත් පවසා තිබේ.

Comments