ඕසකා ප්රාන්තයේ Izumisano නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැලකින් මුදල් සොරකම් කල තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අද(02) පස්වරු 2.25 ට පමණ ස්වර්ණාභරණ වෙළඳසැලේ කළමනාකරුට පිහියක් පෙන්වා මුදල් ලබා දෙන ලෙස ඉල්ලා සිට ඇති බවයි වාර්තා වන්නේ.
සොරකම සිදුවන අවස්ථාවේ ඔහු ගබඩාවට ඇතුළු වී ඉන් පිටව යන ආකාරය ආරක්ෂක කැමරා දර්ශනවල සටහන් වීමෙන් පසු පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.