ජපාන න්‍යෂ්ටික බලාගාර සඳහා නව නීති


අවුරුදු 30 හෝ ඊට වැඩි න්‍යෂ්ටික බලාගාර අවම වශයෙන් වසර 10කට වරක්වත් පරීක්ෂා කළ යුතු බව ජපාන බලධාරීන් යෝජනා කර තිබෙනවා.

.

අවුරුදු 30 හෝ ඊට වැඩි න්‍යෂ්ටික බලාගාර අවම වශයෙන් වසර 10කට වරක්වත් පරීක්ෂා කළ යුතු බව ජපාන බලධාරීන් යෝජනා කර තිබෙනවා.

එමෙන්ම වසර 60කට වැඩි කාලයක් භාවිතා කරන ලද බලාගාර අනිවාර්ය පරීක්‍ෂාවක් සඳහා යෙදවිය යුතු බවද ඔවුන් අවධාරණය කර තිබෙනවා.

2011 ෆුකුෂිමා ව්‍යසනයෙන් පසු හඳුන්වා දුන් ප්‍රමිතීන්ට අනුව ජපාන න්‍යෂ්ටික බලාගාරවල සේවා කාලය වසර 40 කට සීමා කර තිබුණා.

කෙසේවෙතත් මේ වසර අවසානය වන විට රටේ න්‍යෂ්ටික බලාගාර පිලිබඳ රෙගුලාසි හා නීති සංශෝධනය කිරීමට සැලැස්මක් සකස් කරන බවද අදාල බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

80 Views

Comments