බාලවයස්කාර නඩු ගොනු බැහැර කිරීම නවතන්න! ශ්‍රේෂ්ඨාධිකරණය කියයි


උසාවි ගණනාවක් බාලවයස්කාර නඩුවලට අදාළ වටිනා ලිපිගොනු ඉවත දමා ඇති බව අනාවරණය වීමෙන් පසු නඩු ලිපිගොනු බැහැර කිරීම තාවකාලිකව නවත්වන ලෙස ජපාන ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

.

උසාවි ගණනාවක් බාලවයස්කාර නඩුවලට අදාළ වටිනා ලිපිගොනු ඉවත දමා ඇති බව අනාවරණය වීමෙන් පසු නඩු ලිපිගොනු බැහැර කිරීම තාවකාලිකව නවත්වන ලෙස ජපාන ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව අදාල නඩුවල ලිපිගොනු අනිවාර්ය රඳවා ගැනීමේ කාල සීමාවන් අවසන් වී ඇතත් තබා ගන්නා ලෙස‍යි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙන්නේ.

එමෙන්ම බාලවයස්කාර නඩු සම්බන්ධ වාර්තා අදාල පුද්ගලයාගේ වයස අවුරුදු 26 ඉක්මවන තුරු සංරක්ෂණය කළ යුතු අතර ඓතිහාසික වටිනාකමක් ඇති ලේඛන විශේෂ සංරක්ෂණ විධිවිධාන යටතේ තබා ගත යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර තිබෙනවා.

 

86 Views

Comments