ජපානයේ දිනෙන් දින ඉහළ යන ලිංගික අතවර


30 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කළ 37 හැවිරිදි පුද්ගලයෙක් අත් අඩංගුවට

.

නොවැම්බර් 2 වැනිදා අලුයම ඔයිතා නගරයේ පිහිටි පරිශ්‍රයක ඇවිදිමින් සිටි කාන්තාවකට පහර දී ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් 37 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ඔයිතා නගරයේ සමාගම් සේවකයෙකු වන කෙන්ජි හිරෝනකා(37)  නම් පුද්ගලයෙක් වේ.

කෙන්ජි හිරෝනකා ඊයේ අලුයම 1 ට පමණ නගරයේ වීදිවල තනිව ඇවිද යමින් සිටි අතර අසල පිහිටි පරිශ්‍රයකදී 30 හැවිරිදි කාන්තාව දැක ඇයට පහර දී දූෂනය කර පලා ගොස් ඇත.

 CCTV දර්ශන නැරඹීමෙන් පොලිසිය කෙන්ජි හිරෝනකා හඳුනාගෙන ඇති අතර ඊයේ සවස 5 වන විට ඔහුව අත් අඩංගුවට ගෙන ඇත.

වැඩි දුරටත් මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන අතර රාත්‍රී කාලයේ දී ගමන් කරන විට සැලකිලිමත් වන ලෙස කාන්තාවන්ට පොලිසිය විසින් දැනුම් දී ඇත.

86 Views

Comments