මගියෙකු මෝටර් රථයෙන් බිමට දමා පලා ගිය රියදුරා අත්අඩංගුවට


මගියෙකු සිය මෝටර් රථයෙන් බිමට දමා පලා ගිය රියදුරෙකු Hokkaido පොලිස් දෙපාර්තමේන්තුවේ Sapporo Shiroishi පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

මගියෙකු සිය මෝටර් රථයෙන් බිමට දමා පලා ගිය රියදුරෙකු Hokkaido පොලිස් දෙපාර්තමේන්තුවේ Sapporo Shiroishi පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ(02) අලුයම 5.05 ට පමණ මෙම පුද්ගලයා Sapporo නගරයේ Shiroishi Ward ප්‍රදේශයේ මාර්ගයක මගී මෝටර් රථයක් පදවාගෙන ගොස් තිබෙනවා. එහිදී මොහු හා Mori නම් අදාල මගියා අතර බහින්බස්වීමක් ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුව අදාල මගියාව ඔහු මෝටර් රථයෙන් බිමට දමා ඇති අතර Mori බිමට වැටීමෙන් පසු පිටුපසින් පැමිණි වාහනයක ගැටී තිබෙනවා.

මෙලෙස පිටුපසින් පැමිණි රථය සෙවීමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

 

126 Views

Comments