compact proton therapy system ස්ථාපනය කර ඇති Shonan Kamakura මහරෝහලේ Shonan Kamakura Advanced Medical Center තුල පිළිකා සඳහා ප්‍රතිකාර කිරීම අදාල පද්ධතිය ආශ්රයෙන් ආරම්භ කර ඇත.
Hitachi සමාගම විසින් මෙම පද්ධතිය නිර්මාණය කර ඇත්තේ ගෝලීයව වැඩි ඉල්ලුමක් පවතින කුඩා ප්‍රෝටෝන තෙරපි යන්ත්‍ර සඳහා ඇති ඉල්ලුම සැපිරීමටයි. මෙය කුඩා ප්‍රතිකාර කාමරයක ස්ථාපනය කළ හැකි පද්ධතියකි. එම නිසා මෙවැනි පද්ධති ස්ථාපනය කිරීමට වැය වන මුදල සහ ගතවන කාලය යන සාධක යුගලයම සලකා බැලීමේදී මෙය ඉතා සාර්ථක විසඳුමකි.
මෙමගින් පිළිකා රෝගීන් විශාල ප්‍රමාණයකට නිසි ලෙස ප්‍රතිකාර ලබාදීමෙන් සහාය වීමට ඔවුන් බලාපොරොත්තු වෙයි .