කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයාගේ ජපාන නිල සංචාරය


ජපානයේ ආහාර සැකසුම්, කෘෂිකාර්මික සහ හෙද ක්ෂේත්‍රයන්හි රැකියා අවස්ථාවන් 200ක්

.

ජපානයේ ආහාර සැකසුම්, කෘෂිකාර්මික සහ හෙද ක්ෂේත්‍රයන්හි රැකියා අවස්ථාවන් 200ක් ලබා දීම සදහා ජපානයේ විදෙස් ශ්‍රමිකයන් බදවා ගන්නා ප්‍රමුඛ ආයතනයක් වන Techno workers Incorporations ආයතනය සහතික සහතික වී තිබේ.

මනුෂ නානායක්කාර අමාත්‍යවරයාගේ නිල ජපන් සංචාරය අතරතුර Techno workers Incorporations ආයතනයේ ප්‍රධාන කළමණාකාරීත්වය සමග ශ්‍රි ලංකාවේ තරුණ තරුණියන්ට ජපානයේ රැකියා සදහා වැඩි අවස්ථාවක් ලබා ගැනීම සදහා පැවැත් වූ විශේෂ සාකච්ඡාවේ දී ඔවුන් මේ බව අමාත්‍යවරයා වෙත තහවුරු කර තිබේ.

ජපන් භාෂා දැනුම සහ පුහුණුව සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සදහා මේ අවස්ථාව ලබා දෙන බවත් ඒ සදහා ඉතා කඩිනමින් කටයුතු කරන බවටත් එහි දී ආයතනය මගින් අමාත්‍යවරයා වෙත සහතික වී ඇත.

ආයතනයේ ප්‍රධාන කළමණාකාරීත්වය නියෝජනය කරමින් සාකච්ඡාව සදහා Yoshihiro Katayama සහ Haruta - Abe සහභාගී වී ඇති අතර ඔවුන් මේ සම්බන්ධයෙන් ඉතා සාධනීය ස්ථාවරයකින් සාකච්ඡාව හා සම්බන්ධ වී තිබේ.

එසේ ම නොවැම්බර් මාසයේ හෝ මෙම වසර අවසන් වීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවට පැමිණ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමටත් ජාතික අධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA), ජර්මන් ටෙක් ආයතනය ප්‍රමුඛ මෙරට කාර්මික විද්‍යාල සම්බන්ධ කර ගනිමින් එම අවබෝධතා ගිවිසුම සකස් කිරීමට ඔවුන් අපේක්ෂා කරන බවත් ඒ සදහා අවශ්‍ය පහසුකම් සහ සම්බන්ධීකරණ කාර්යයන් නොපමාව ඉටුකර දෙන ලෙසත් අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

145 Views

Comments