පාසල් සිසුවිය සියදිවි නසාගැනීමට හේතුව වසර 2කට පසු හෙලිවේ


15 හැවිරිදි ශිෂ්‍යාවක් 2020දී සියදිවි නසාගත් අතර පාසලේ කෙන්ඩෝ සංගමයේ උපදේශකවරුන් දෙදෙනාගේ ක්‍රියාකලාපය ඊට හේතු වී තිබෙනවා.

.

Higashi-ku ප්‍රදේශයේ පෞද්ගලික පාසලක 15 හැවිරිදි ශිෂ්‍යාවක් 2020 අගෝස්තු මාසයේදී සියදිවි නසාගත් අතර අදාල පාසලේ කෙන්ඩෝ සංගමයේ උපදේශකවරුන් දෙදෙනාගේ ක්‍රියාකලාපය ඊට හේතු වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

අදාල උපදේශකවරුන් දෙදෙනා මියගිය සිසුවියට කිහිපවරක් පහර දී ඇති අතර එය ඉවසා දරාගැනීමට නොහැකි වීම හේතුවෙන් සිසුවිය 2020 අගොස්තු මස 29 වන දින දුම්රියට පැන සියදිවි නසාගෙන තිබුණා.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පාසලේ පරිපාලන නිලධාරීන් සිසුවියගේ පවුලේ සාමාජිකයන්ගෙන් සමාව අයැද සිට ඇති අතර සිසුවිය වෙනුවෙන් වන්දි ගෙවීමට සහ නැවත මෙවැනි ආකාරයේ සිද්ධීන් ඇතිවීම වළක්වා ගැනීමටද එකඟ වී තිබෙනවා.

79 Views

Comments