සංචාරක වීසා මත විදෙස් රැකියා සඳහා පිටත්ව යාම අත්හිටුවයි


සංචාරක වීසා මත විදෙස් රැකියා සඳහා පිටත්ව යෑම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

.

ඒ අනුව ඩුබායි, අබුඩාබි ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියලුම ප්‍රදේශයන් හි ගෘහස්ථ හා නුපුහුණු රැකියා සදහා කාන්තාවන් යෙදවීම සංචාරක වීසා මගින් සිදු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගත් බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා සංචාරක වීසා මගින් විදේශ ගත වූ කාන්තාවන්ට රැකියා නොලැබීම, හිරිහැර කිරීම්, සිරගත කිරීම් සහ අතරමංවීම් ආදී කරුණු පිළිබඳව තොරතුරු වාර්තාවීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.

එසේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතන මාර්ගයෙන් ගෘහස්ථ හා නුපුහුණු රැකියා සඳහා යොමුවන කාන්තාවන් විශේෂ උපදෙස් මත ලියාපදිංචිය සඳහා ලබාදී තිබූ අවසරය ද අත්හිටුවීමට පියවරගෙන තිබෙනවා.

එසැණ

143 Views

Comments