බඩගින්නට හොරකම් කල කත අත්අඩංගුවට


භාණ්ඩ සඳහා මුදල් නොගෙවා සුපිරි වෙළඳසැලකින් පිටව යාමට උත්සාහ කළ 77 හැවිරිදි කාන්තාවක් Sapporo පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

භාණ්ඩ සඳහා මුදල් නොගෙවා සුපිරි වෙළඳසැලකින් පිටව යාමට උත්සාහ කළ 77 හැවිරිදි කාන්තාවක් Sapporo පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල කාන්තාව යෙන් 1,236 ක් පමණ වටිනා තැම්බූ බිත්තර, Onigiri, පැණිරස ඩම්ප්ලිං සහ තවත් භාණ්ඩ කීපයක් මුදල් නොගෙවා රැගෙන යාමට තැත්කිරීමේදී වෙළඳසැල් ආරක්ෂක නිලධාරියෙකු ඇය පසුපස ගොස් පොලිසිය පැමිණෙන තෙක් ඇයව රඳවාගෙන සිට තිබෙනවා.

පසුව පොලිසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ තමන් කල දේ වැරදි බව දන්නා නමුත් තමන්ට ආහාර අවශ්‍ය වූ බවයි.

 

161 Views

Comments