Kyoto’s Kinkakuji හි The golden pavilion යනු සෑම වසරකම විශාල සංචාරකයන් පිරිසක් පැමිණෙන ස්ථානයකි.
කෙසේවුවත් මෙම සුප්‍රසිද්ධ සංචාරක ස්ථානයට කලු පැල්ලමක් වන සිදුවීමක් පසුගියදා වාර්තා වුණා.
ඒ මෑතකදී අන්තර්ජාලය හරහා ප්‍රචලිත වූ ට්විටර් පණිවුඩයක් හරහායි.
එහි දැක්වුණේ සංචාරකයින්ට මෙන්ම ප්‍රදේශවාසීන්ටද ව්‍යාජ මාර්ගෝපදේශකයෙකු විසින් හිරිහැර කර ඇති බවත්, ඔහු දේශීය බස් සමාගමක සේවය කරන ලෙස ක්‍රියා කර ඇති බවත් ය.
ඒ අනුව රජය මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කල අතර ව්‍යාජ පුද්ගලයන් පිළිබඳ අවධානයෙන් පසුවෙන ලෙසද සංචාරකයන්ට අනතුරු අඟවා තිබෙනවා.