සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් නව පරපුර සමග එක්ව කටයුතු කල යුතු බව කීර්තිමත් කබුකි තරුවක් වන Ichikawa Danjuro XIII Hakuen පසුගියදා ප්‍රකාශ කර සිටියා.
තරුණ ප්‍රේක්ෂකයින් කබුකි කලාව කෙරෙහි ආකර්ෂණය කර ගනිමින් සියවස් ගණනාවක් පැරණි මෙම කලාවේ නියම රසය ඔවුන්ට පෙන්වීම නූතන කබුකි නළුවන්ගේ කාර්යයක් බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
කබුකි ඇතුළු ජපානයේ විනෝදාස්වාද කර්මාන්තය තවමත් වසංගතයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර මේ වනවිට සමාජ මාධ්‍ය හරහා කබුකි ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම ගවේෂණය කරමින් සිටින බව ද ඔහු තවදුරටත් අවධාරණය කර සිටියා.