අද අලුයම 1.45ට පමණ Sapporo හි Kiyota-Ku ප්රදේශයේ දී 41 හැවිරිදි විධායක නිලධාරියෙකු 59 හැවිරිදි කුලී රථ රියදුරෙකුට පහර දී ඇත.
කුලී රියට නැගි නිලධාරියා ඔහුව තම නිවසට රැගෙන යන බව පවසා රථයේ පිටිපස අසුනේ වාඩි වී ඇත. ටික දුරක් යන විට නිලධාරියා පිටිපස අසුනේ සිට රථයේ ඉදිර අසුනට පයින් පහර දෙමින් රියදුරුට පරුෂ වචනයෙන් බැන ඇත. ඒ අවස්ථාවේ දී රියදුරු වාහනය නවතා යෙන් 750 ලබා දී වාහනයෙන් ඉවත් වන ලෙස නිලධාරියට පවසා ඇත.
එම අවස්ථාවේ සිදු වූ බහින් බස් වීමෙන් පසු නිලධාරියා රියදුරුට පහර දී ඇත. පසුව රියදුරු සිද්ධිය පොලිසියට වාර්තා කර ඇති අතර නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් විධායක නිලධාරියා පවසන්නේ තමන් බීමත්ව සිටි නිසා සිදු වූ කිසි දෙයක් මතක නැති බවයි.
පොලිසිය මේ පිලිබඳව වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකරයි.