බාලවයස්කාර සිසුවියක් පැහැරගෙන යයි


ස්වයං රැකියාලාභී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත

.

Fukuoka ප්‍රාන්තයේ Onojo නගරයේ ජීවත් වූ 16 හැවිරිදි සිසුවියක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් Tokyo හි Itabashi-Ku හි ස්වයං රැකියාවක නියුතු 21 හැවිරිදි නකතානි නම් පුද්ගලයෙකු පසුගිය 4 වනදා අත්අඩංගුවට ගන්නා ලදී.

කෙසේ වෙතත් නකතානි පවසා ඇත්තේ තමන් දැරියව පැහැරගෙන නොගිය බවත් දැරිය සිය කැමැත්තෙන් තමන් සමග පැමිණිය බවයි

සිසුවියගේ පවුලේ අය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් සිදු කල විමර්ශණයට පසුව 21 හැවිරිදි නකතානි අත්අඩංගුවට ගන්නා ලදී.

පොලිසිය නකතානිව ෆුකුඕකා පොලිසිය වෙත මාරුකර යවා ඇති අතර නකතානි හා 16 හැවිරිදි සිසුවිය අතර ඇති සම්බන්ධය සහ ඔවුන් මුණගැසුණු ආකාරය පිළිබඳව පරීක්ෂණ සිදු කරන බව ප්‍රකාශ කලේය.

 

 

 
99 Views

Comments