ජපන් වැඩිහිටියන්ගෙන් 80% කට වඩා දුම්කොළ දුමට අකමැති බව සොයා ගනී


දුම් බීම අවම කිරීමට රජ‍ය වැඩපිළිවෙලක් සූදානම් කරයි

.

ජපානයේ වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් සියයට 83ක් පමණ දුම්කොළ දුමට අකමැති බව මෑත කාලීන රජය විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත.

ජපානයේ හෘද රෝගීන් ගේ හා පිළිකා රෝගීන් ගේ ඉහළ යාමක් දක්නට ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.එම නිසා මෙම සමීක්ෂණය සිදු කර ඇත.

වැඩිහිටියන්ගෙන් බහුතරයක් දුම් බීමට අකමැති බව වාර්තා වීම නිසා සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ දුම් බීම අවම කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බවයි.

 වීදිවල සහ උද්‍යානවල එළිමහනේ දුම්පානය කරන ස්ථාන අවම කිරීමට මූලික වශයෙන් පියවර ගැනීමට රජය සූදානම් වේ.

82 Views

Comments