වසර 442කට පසු ජපානයේ වැසියන්ට ඊයේ(08) රාත්‍රියේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකගැනීමට හැකි වුණා.
මෙය රාත්‍රී 7:16 සිට 8:42 දක්වා දෘශ්‍යමාන වී තිබෙනවා.
ජපානයේ ජාතික තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයට අනුව, අවසන් වරට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් එරටට දිස්වී ඇත්තේ 1580 ජූලි මාසයේදීයි.
ඒ අනුව මීළඟ චන්ද්‍රග්‍රහණය මෙතැන් සිට වසර 322 ක් එනම් 2344 ජූලි මාසයේදී එළඹෙන බවද වාර්තා වනවා.