මේ පවසන්නට යන්නේ ලෝකයේ වෙනත් රටක ගුවන් තොටුපලක් පිළිබඳව නොව ලොව සතර දෙස විසිරී සිටින ශ්රී ලාංකිකයන් තම මව් රටට තබන මුල්ම පියවර ගැටෙන ස්ථානය පිළිබඳවයි. කටුනායක ගුවන්තොටුපල ඩියුටි ෆ්රී අංශය ශ්රී ලංකා වෙත ළඟාවෙන ලෝ පුරා වාසීන් ඉතා කූට අන්දමින් සූරාකෑමකට සහ වංචා සහගත ලෙස රවටා ගන්නා කූඨ උපක්රමයක් පිළිබඳවයි මේ සටහන.
ගුවන් තොටුපළ හරහා මෙරටට පැමිණෙන ශ්රී ලාංකීය හා විදේශීය ජනයා බලහත්කාරයෙන් මෙන් ඩියුටි ෆ්රී සාප්පු වෙත ගෙන්වාගෙන ඔවුන්ගේ මුදල්ද වංචා සහගත ලෙස සූරාකෑමේ ප්රයත්නයක් බොහෝ ඩියුටි ෆ්රී සාප්පු වල සිදුවන බව මේ වන විට අනාවරණය වී තිබේ. මෙම වංචා සහගත ක්රියාවන් පිළිබඳව නොදන්නා අහිංසකයන් ඔවුන්ගේ කූඨ උපක්රම වලට ඉතා පහසුවෙන් ගොදුරු වී මහන්සියෙන් උපයා ගෙන පැමිණි මුදල් එම සාප්පුවල සිටින වංචා සහගත වෙළඳුන්ගේ අතට පත්කර නිවෙස් කරා යෑමට සිදු වෙන අවස්ථා බොහෝ ප්රමාණයක් මේ වන විට වාර්තා වී ඇත.
එම කූට වෙළඳුන් ප්රථමයෙන් බොහෝ හිතවත් , මිත්රශීලී ලෙසින් ලංකාවට පැමිණෙන මගින් ඔවුන්ගෙන් සාප්පු කරා ආකර්ෂණය කර ගනි.ඉන්පසුව ඔවුන් නොදැනුවත්වම ඔවුන් සතු මුදල් ප්රමාණය ද නිර්ණය කරගෙන ඒ හරහා ඔවුන්ගේ සැලසුම් ක්රියාත්මක කරනු ලබයි.
එබැවින් අප ශ්රී ලංකාව වෙත නැවත පියනගන අවස්ථාවක ඩියුටි ෆ්රී සාප්පුවලින් අපට මිලදී ගැනීමට යමක් ඇත්නම් පමණක් ඒවාට ගොඩ වීමටත් යම් හෙයකින් එම සාප්පුවකට ඇතුළු විණි නම් තමන්ගේ මුදල් පිළිබඳව ඉතා පරීක්ෂාකාරී වීමටත් සිහියේ තබාගත යුතුය.