පාසල් දැරියක් කෙලෙසූ SDF සාමාජිකයෙක් අත්අඩංගුවට


පාසල් දැරියක් කෙලෙසූ SDF සාමාජිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

අපේ‍්‍රල් මාසයේදී හෝටලයක් තුල පාසල් සිසුවියක් දූෂණය කළ බවට සැකපිට 23 හැවිරිදි ආත්මාරක්ෂක බලකායේ සාමාජිකයෙකු ඕසකා ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන පරිදි Hyogo ප්‍රාන්තයේ GSDF කඳවුරේ සිටින Toshiaki Takahashi නම් අදාල නිලධාරියා සමාජ මාධ්‍ය හරහා දැරියව දැන හඳුනාගෙන අප්‍රේල් 21 වැනිදා ඇයව හෝටලයකට කැඳවාගෙන ගොස් දූෂණය කර තිබෙනවා.

පසුව සිදු වූ දේ දැරියගේ මව දැනගත් විට ඇය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේවෙතත් අත්අඩංගුවට ගත් සැකකරු පොලිසියට කියා සිටියේ තමාට සිද්ධිය පිළිබඳ මතකයක් නොමැති බවයි.

82 Views

Comments