කාන්තාවකට දුරකථන ඇමතුම් දී කරදර කල පුද්ගලයෙක් අත්අඩංගුවට


කාන්තාවකට හිරිහැර වන ලෙස දුරකථන ඇමතුම් ලබාදීම හේතුවෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

ටෝකියෝ හි Sagawa Express Co Ltd හි සේවය කරන 38 හැවිරිදි සේවකයෙකු කාන්තාවකට හිරිහැර වන ලෙස දුරකථන ඇමතුම් ලබාදීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෙදාහැරීමේ රියදුරෙකු වන ඔහු අවම වශයෙන් 8 වතාවක් පමණ අදාල කාන්තාවට දුරකථන ඇමතුම් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසියට අනුව මෙම සැකකරු සැප්තැම්බර් 5 සහ 11 අතර අහඹු ලෙස කාන්තා පාරිභෝගිකයෙකුගේ අංකයක් තෝරාගෙන මෙසේ දුරකථන ඇමතුම් ලබාගෙන තිබෙනවා.

ඒ අනුව අදාල කාන්තාව සමග මිතුරු වීමට අවශ්‍ය බැවින් එසේ කල බවත් මීට පෙරද මෙවැනි ආකාරයට කාන්තා පාරිභෝගිකයන්ට ඇමතූ බවත් ඔහු පාපොච්චාරණය කර තිබෙන බවද පොලිසිය වැඩිදුරටත් පවසා සිටියා.

 

103 Views

Comments