හිටපු පෙම්වතියට හිරිහැර කල පෙම්වතා අත්අඩංගුවට


විසින් තම හිටපු පෙම්වතියට විද්‍යුත් තැපෑලෙන් සහ සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා හිරිහැර කළ තරුණයෙකු අත්අඩංගුවට

.

Hiroshima ප්‍රාන්තයේ Kure හි පොලිසිය විසින් තම හිටපු පෙම්වතියට විද්‍යුත් තැපෑලෙන් සහ සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා හිරිහැර කළ බවට සැකපිට 27 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට අනුව පළාත් පාලන ආයතනයක සේවය කරන  Yui Norimatsu නම් මෙම සැකකරු ඔහුගේ හිටපු පෙම්වතියට ඔක්තෝබර් 15 සිට ඔක්තෝබර් 31 දක්වා කාලය තුළ 36 වතාවක් පණිවිඩ යවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම මස මුලදී අදාල කාන්තාව මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

119 Views

Comments