ජපානයේ ආදාහනාගාරයක මියගිය සතුන් සමඟ කුණු පිලිස්සූ බව හෙලිවේ


ජපානයේ මිනිසුන් සහ සුරතල් සතුන් යන දෙකොට්ඨාසයම මරණයෙන් පසු ආදාහනය කිරීම සාමාන්‍ය දෙයකි. 

.

ජපානයේ මිනිසුන් සහ සුරතල් සතුන් යන දෙකොට්ඨාසයම මරණයෙන් පසු ආදාහනය කිරීම සාමාන්‍ය දෙයකි.  

කෙසේවෙතත් Aichi ප්‍රාන්තයේ Inuyama නගරයේ Owari Hokubu Seien යන ආදාහනාගාරයයේ සේවකයෙකු තැබූ සමාජ මාධ්‍ය සටහනක් සමාජයේ කැලඹීමක් ඇතිකර තිබේ.

ඔහු දක්වා තිබුණේ සතුන් ආදාහනය කරන විට පහසුව සඳහා ගබඩාවේ ඇති කුණුද ඔවුන් සමඟ පෙට්ටිවලට දමා පුළුස්සන බවයි.

ජපානයේ ප්ලාස්ටික් බෝතල් සහ මෙම පෙට්ටි පිළිස්සිය හැකි කසළ ලෙස වර්ගීකරණය කර නොමැති අතර ඒ වෙනුවට වෙනම ප්‍රතිචක්‍රීකරණ ක්‍රමයක් ද පවතී.

එමෙන්ම ජපානයේ ආදාහනයෙන් පසු අළු සාමාන්‍යයෙන් සොහොන් වල තැන්පත් කරන බැවින් මෙය ඔවුන්ගේ සත්ව සහචරයන්ගේ දේහයන්ට ගෞරවනීය සැලකීමක් නොවන බවද අමුතුවෙන් කිව යුතු නැත.

89 Views

Comments