ජපනුන් 60%ක් COVID-19 මාර්ගෝපදේශ ලිහිල් කිරීම ගැන නොදන්නා බව හෙලිවේ.


මුඛ ආවරණ පැළඳීම අනවශ්‍ය බවට ජපන් රජය විසින් පසුගිය මැයි මාසයේදී මාර්ගෝපදේශ නිකුත් කර තිබුණා.

.

කොරෝනා වෛරසයට එරෙහිව ආරක්ෂාව සඳහා එළිමහනේ මුඛ ආවරණ පැළඳීම අනවශ්‍ය බවට ජපන් රජය විසින් පසුගිය මැයි මාසයේදී මාර්ගෝපදේශ නිකුත් කර තිබුණා.

කෙසේවෙතත් ජපානයේ සියයට 60 කට ආසන්න පිරිසක් මෙය නොදැන සිටින බව මෑතකදී කල සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

ඔක්තෝබර් 12 සිට 17 දක්වා මාර්ගගතව සිදු කරන ලද මෙම සමීක්ෂණයේදී වැඩිහිටියන් 1,011 කින් ප්‍රතිචාර ලබා ගත් අතර  එහිදී 52.5%ක් කියා සිටියේ, නිස්කලංක සහ ඉඩකඩ සහිත ගෘහස්ථ ප්‍රදේශවල මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බවට තොරතුරු ඇතුළුව, මාර්ගෝපදේශ පිළිබඳ රජයේ පැහැදිලි කිරීම් ප්‍රමාණවත් නොවන බවයි.

කෙසේවෙතත් ඇතැමුන් ප්‍රතිචාර දැක්වූයේ වසර දෙකකට වැඩි කාලයක් මුඛ ආවරණ පැළඳීමට පුරුදු වී සිටින බැවින් දැන් ප්‍රසිද්ධියේ මුඛ ආවරණ ගලවා සිටීමට අපහසු බවයි.

96 Views

Comments