ජපන් ජාතිකයින්ගෙන් හතරෙන් තුනක් විදේශීය ප්‍රහාරයක් ගැන බියෙන්


ජපන් ජාතිකයින්ගෙන් හතරෙන් තුනක් විදේශීය ප්‍රහාරයක් ගැන බියෙන් පසුවන බව හෙළිවී තිබෙනවා.

.

ජපානයේ පුද්ගලයින් හතර දෙනෙකුගෙන් තිදෙනෙකු විදේශ රටක ප්‍රහාරයකට ලක්වීම ගැන බියට පත්ව සිටින බව ජපාන පුවත්පත් පර්යේෂණ ආයතනයක් විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

ජපානයට වෙනත් රටකින් හමුදාමය ප්‍රහාරයක් එල්ල වීම ගැන කනස්සල්ලෙන් සිටිනවාදැයි ඇසූ ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 76%ක් ප්‍රකාශ කළේ තමන් එසේ සිදුවේ යැයි බියෙන් පසුවන බවයි.19%ක් තරමක් දුරට බියෙන් පසුවන බවද සහ 2%ක් ඒ පිළිබඳව තකන්නේ නැති බවද ප්‍රකාශ කර තිබුණා.

106 Views

Comments