ජපාන - වියට්නාම අගමැතිවරුන් අතර හමුවක්


ජපාන - වියට්නාම අගමැතිවරුන් අතර හමුවක් අද පැවැත්වී තිබෙනවා.

.

අද(13) උදෑසන කාම්බෝජයේ සංචාරයක නිරත අගමැති Kishida Phnom Penhහි හෝටලයකදී වියට්නාමයේ අගමැති Pham Minh Trinh හමුවී තිබෙනවා.  

මෙහිදී දෙරට අතර සහයෝගීතාවය සාක්ෂාත් කර ගැනීම පිළිබඳව සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම "නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයක්" සාක්ෂාත් කර ගැනීම සඳහා වියට්නාමය වැදගත් හවුල්කරුවෙකු වන බව අගමැති Kishida මෙහිදී අවධාරණය කළ අතර, නිල සංවර්ධන ආධාර (ODA) සහ මානව සම්පත් සංවර්ධනය තුළින් දෙරට අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමට තමා කටයුතු කරන බවද ප්‍රකාශකර සිටියා.

84 Views

Comments