ඊයේ(13) දින Fukuoka ප්රාන්ත පොලිසියේ සවාරා පොලිස් ස්ථානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වුණේ පෙරේදා(12) රාත්රී 10:20 ට පමණ 7-3 Nishijin, Sawara-ku, Fukuoka City අසල වීදියේ ඇවිදිමින් සිටි කාන්තාවකට මිනිසෙකු තම යටි සිරුර පෙන්වා ඇති බැවින් ඒ ආසන්නයේ ගමන් කිරීමේදී ප්රවේශම් වන ලෙසයි.
මෙම පුද්ගලයා වයස අවුරුදු 20 ක් පමණ ද උස සෙන්ටිමීටර 170 ක් පමණ ද වන අතර ඔහු තොප්පියක් පැළඳ සිටි අතර මවුන්ටන් බයිසිකලයක් භාවිතා කළ බවද අදාල නිවේදනයේ සඳහන්.