Hello Kitty දුම්රියෙන් ගමනක් යමු


Kansai ජාත්‍යන්තර ගුවන්තොටුපළ, osaka සහ කියෝතෝ නගර සම්බන්ධ කරමින් දිවෙන Hello Kitty  තේමාවෙන් හැඩ වූ දුම්රිය  මේ

.

Kansai ජාත්‍යන්තර ගුවන්තොටුපළ, osaka සහ කියෝතෝ නගර සම්බන්ධ කරමින් දිවෙන Hello Kitty  තේමාවෙන් හැඩ වූ දුම්රිය  මේ වන විට ලොව පුරා ජනප්‍රියත්වය දිනා ගෙන සිටී.

 

වර්ෂ  1994දී කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ය ආරම්භයත් සමඟ  ආරම්භ කළ මෙම දුම්රිය සේවාව  එම ගුවන් තොටුපළ හරහා මගෙන් වැඩි ගණනක්  සංචරණය ආරම්භ වීමත් සමඟ කාර්යබහුල විනි. මෙය දුම්රිය මැදිරි  6 කින් පමණක් සමන්විත සුදු පැහැති hello kitty තේමාවෙන් හැඩවුණු ආකර්ෂණීය  සුවපහසු දුම්රියකි.

 

මෙහි ගමන් ගැනීමට අදහස් කරන මගීන්ට දුම්රිය ප්‍රවේශ පත්‍ර වර්ග තුනක් ඇති අතර තමන්ගේ අවශ්‍යතාවය අනුව ප්‍රවේශ පත්‍රයක් කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් හෝ  එම ටිකට්පත් නිකුත් කරන ස්වයංක්‍රීය  යන්ත්‍රයකින් ලබාගත හැක.

Comments